කොවිඩ් - 19 වෛරස ආසාදිතයන් හඳූනාගැනීම සඳහා PCR (Polymerase Chain Reaction) පරීක්ෂණ රසායනාගාරයක්, සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (Health System Enhancement Project) යටතේ නැගෙනහිර කොළඹ මුලික රෝහලේ ඉදිවෙමින් පවතී.
මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයන්නේ ආසියානු සංවර්ධන බැංකුවයි. ආ සියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවේ කොවිඩ් - 19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වෙන්කර ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 15 කි. මීට අමතරව ඇමෙරිකානු ඩොලර් මිලියන 3.1 ක ප්‍රදානයක් ලබාගැනීමටද කටයුතු කර ඇත. නැගෙනහිර කොළඹ මුලික රෝහලේ ඉදිකරනු ලබන PCR රසායනාගාරයට පැය 12 ක් තුළදී සාම්පල් 500 පරික්ෂා කිරීමේ හැකියාව පවතී. එය මෙරට තිබෙන වැඩිම සාම්පල් ප්‍රමාණයක් එකවර පරික්ෂා කිරීමේ හැකියාව තිබෙන රසායනාගාරය වේ.
මෙම රසායනාගාරයේ ඉදිකිරීම් කටයුතු අවසන් වී තිබෙන අතර මැයි මස ආරම්භය වන විට පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. අසාදිතයන් පරික්ෂා කිරීමට අමතරව ජංගම ඒකක මගින් ජීව සාම්පල එකතු කර මෙම රසායනාගාරයට රැගෙනවිත් පරික්ෂා කිරීමටද සැලසුම් කර තිබේ.
කොවිඩ් - 19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ ප්‍රධාන උපාය මාර්ගයක් වශයෙන් රසායනාගාර පරීක්ෂණ ප්‍රමාණය වැඩි කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයන් නිර්දේශ කර තිබේ. ප්‍රජාව අතර වෛරසය පැතිර යාමේ අවදානම වැඩි වුවහොත් එකවර ආසාදිතයන් ප්‍රමාණයක් පරික්ෂා කිරීමේ අවශ්‍යතාවය මතුවිය හැකි බව මේ වන විට අනතුරු හඟවා තිබේ. දැනට මෙම PCR පරීක්ෂණ පහසුකම් වෛද්‍ය පරීක්ෂණ ආයතනය, කරාපිටිය, අනුරාධපුර, කුරුණෑගල සහ යාපනය යන ශික්ෂණ රෝහලේ ඇතුළු ජාතික බෝවන රෝග පිළිබඳ ආයතනය සතුව තිබේ. මිට අමතරව තවත් රසායනාගාර පහක් ඉදිකිරීමට අවශ්‍ය වෛද්‍ය උපකරණ මිලදී ගැනීමට සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (Health System Enhancement Project) කටයුතු ආරම්භ කර ඇත. කිරීමේ හැකියාව පවතී. එය මෙරට තිබෙන වැඩිම සාම්පල් ප්‍රමාණයක් එකවර පරික්ෂා කිරීමේ හැකියාව තිබෙන රසායනාගාරය වේ.
