ආසියානු සංවර්ධන බැංකුව මගින් කොවිඩ් 19 වසංගත තත්වය පාලනය කිරීම සදහා ලබා දුන් අරමුදල් යටතේ සංවර්ධනය කරනු ලැබු තඹුත්තේගම මූලික රෝහලේ දැඩි සත්කාර ඒ්කකය ජුනි මස 20 වන දින උතුරු මැද පළාත් ආණ්ඩුකාරතුමා විසින් විවෘත කරන ලදී.
මේ සදහා සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ රු. මිලියන 90 ක දායකත්වයක් ලබා දී ඇත. මෙම අවස්ථාවට උතුරු මැද පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරින් හා සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති මෙහෙයුම් ඒ්කකයේ නිලධාරින් සහ රෝහල් කාර්ය මණ්ඩලයද සහභාගි විය.
තඹුත්තේගම මූලික රෝහල, සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ හදුන්වාදීමට නියමිත තඹුත්තේගම පොකුරු රෝහල් පද්ධතියේ ප්‍රධාන රෝහල වේ.
