මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් ප්‍රතිසංවිධානය කිරීමේ ප්‍රතිපත්තිමය තීරණයට අනුව ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් වලින් ක්‍රියාත්මක වන සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (HSEP) යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇන්දාන ප්‍රාදේශීය රෝහලේ වැඩිදියුණු කිරීමේ පළමු අදියර නොබෝ දා අවසන් විය.
ඇන්දාන රෝහලේ ඉදිරි කටයුතු වෙනුවෙන් මහජන සහභාගිත්වය ලබාගැනීමේ වැඩසටහන මාර්තු මස 04 වන දා ව්‍යාපෘති නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය සිසිර ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
මේ අවස්ථාවට ශ්‍රී ලංකා අමරපුර සංඝ සභාවේ වැඩ බලන නායක අතිපූජ්‍ය බලංගොඩ සමිත හිමි ඇතුළු ප්‍රථමික සෞඛ්‍ය සේවාවන් වැඩිදියුණු කිරීම සම්බන්ධ ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතියක් වන ප්‍රාථමික සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ (PSSP) ව්‍යාපෘති අධ්‍යක්ෂක වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා ඇතුළු ඇන්දාන ප්‍රාදේශීය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ලෝචන චිරංජන මහතා ඇතුළු ඇතුළු වෛද්‍ය නිලධාරීන් විශාල පිරිසක්ද ප්‍රාදේශීය ග්‍රාම සේවා වසම් 12 ක් නියෝජනය කරමින් නියෝජිතයන් විශාල පිරිසක්ද සහභාගී විය.
.
