Latest News

The OPD of Meegahakiula Divisional Hospital is developed under the Health System Enhancement Project (HSEP)

  

Meegahakiula Divisional Hospital is located in the Meegahakiula Divisional Secretariat Division in the Badulla District of the Uva Province. This hospital serves about 10,250 people belonging to nine Grama Niladhari Divisions. Approximately 235 patients are treated daily in the outpatient department alone and its annual approximate value is 85738 (According to a 2020 data). 

This hospital is situated in a least developed area of ​​Sri Lanka. Therefore, the requirement to develop this hospital has been there for a long time. Accordingly, under Asian Development Bank (ADB) funded Health System Enhancement Project, this hospital is selected to be developed in the round 1 civil works to enhance primary health care services. The development of its Outpatient Department (OPD) unit commenced in late 2019. 

The project has been completed with a cost of LKR 19.26 Million and is currently serving the people of the area with the completion of other essential facilities including the Medical Laboratory Unit and the Emergency Treatment Unit.

සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට මහජන කේන්ද්‍රීය සෞඛ්‍ය සේවාවක් | පොකුරු රෝහල් පිහිටුවීම : දැනුවත් කිරීමේ වැඩසටහන අවසන්

      

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ,සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය(HSEP) යටතේ ක්‍රියාවට නැංවෙන, පොකුරු රෝහල සහ පොකුරු සෞඛ්‍ය සේවා ස්ථාපිත කිරීමේ වැඩ සටහනේ පළමු අදියර වන “පොකුරු සෞඛ්‍ය සේවා සංකල්පය” සහ එය ක්‍රියාවට නැංවෙන ආකාරය පිළිබඳව, මෙම ව්‍යාපෘතිය  ක්‍රියාවට නැංවෙන පළාත්වල, සෞඛ්‍ය අමාත්‍යාංශයට සම්බන්ධව විවිධ පාර්ශවකරුවන් දැනුවත් කිරීම සහ  සැලසුම් කිරීමේ කටයුතු මේ වන විට අවසන් වී ඇත. මෙම වැඩසටහන පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් සම්බන්ධිකරනය කරන ලද අතර මෙම වැඩසටහන සම්බන්ධිකරනය සදහා ව්‍යාපෘතිය මගින් බදවා ගෙන ඇති උපදේශිකාවක් කටයුතු කරනු ලබයි.

පොකුරු සෞඛ්‍ය සේවා සංකල්පය සහ එය  ක්‍රියාවට නැංවෙන ආකාරය සැලසුම් කිරීම, ඊට සම්බන්ධ වන සියලුම පාර්ශවකරුවන්ගේ  සක්‍රීය සහභාගිත්වයෙන් මධ්‍යම, උතුරුමැද ,සබරගමුව සහ ඌව පළාත්වල පවත්වනු ලැබූ වැඩමුළු මාලාවක් මගින් සිදුකළ බව එම උපදේශිකාව තවදුරටත් සඳහන් කළාය. මෙම වැඩමුළු වල දී පොකුණු රෝහල් සංකල්පයේ ශක්තීන්, අවස්ථා සහ  ක්‍රියාවට නැංවීමේදී මතුවිය හැකි අභියෝග හඳුනා ගෙන තිබේ. මෙම කටයුත්තට රෝහල් කාර්ය මණ්ඩලය ඉතා කැපවීමෙන් සහභාගි වූ බවත් ඒ පිළිබඳව ඔවුන් තුළ විශාල අපේක්ෂාවන් ඇති වී ඇති බවත් ඇය තව දුරටත් සඳහන් කළාය.

 

ප්‍රාථමික සෞඛ්‍ය සේවා ප්‍රතිසංස්කරණය

පොකුරු රෝහල් වැඩසටහන ක්‍රියාවට නංවනු ලබන්නේ ශ්‍රී ලංකා රජය  විසින් 2017 වසරේදී හඳුනාගනු ලැබූ ප්‍රාථමික සෞඛ්‍ය සේවා ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්තියේ එක් අංගයක් වශයෙනි. ශ්‍රී ලංකාව අඩු පිරිවැයක් දරමින් වඩාත් ‍ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් සහ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් රටේ පුරවැසියන්ට උරුම කර දී ඇති රටකි. මෙරට ජනතාවගේ ජීවිත අපේක්ෂිත ආයු කාලය අවුරුදු 75 වන අතර මාතෘ මරණ අනුපාතය සහ ළදරු මරණ අනුපාතය ද ඉතා පහල අගයක් ගනී.

සෞඛ්‍ය අමාත්‍යාංශය 2016 -2019 වසරවල නිකුත්කල වාර්තාවන්හි සඳහන් වන අන්දමට මෙරට බෝවෙන රෝග 95% ක් පමණ පාලනය කිරීමට සමත්ව තිබේ. මැලේරියාව, ක්ෂය රෝගය, පිටගැස්ම, ඩිප්තීරියාව, රුබෙල්ලා, සරම්ප, පෝලියෝ සහ බරවා වැනි රෝග මේ වන විට මෙරටින් මුළුමනින්ම තුරන් කිරීමට සමත්ව තිබේ. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ මෙවැනි විශාල ප්‍රගතියක් ලැබීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ මෙරට ප්‍රාථමික සහ දිවිතීක  සෞඛ්‍ය සේවා වල ඉහළ ප්‍රමිතිය සහ කාර්යක්ෂමතාවයි. වර්තමාන  කොරෝනා වසංගතය පැතිර යාම සාර්ථකව පාලනය කිරීමට බලපෑ ප්‍රධාන සාධකයක් වූයේ ද මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවා වල කාර්යක්ෂමතාව සහ ශක්තිමත් භාවයයි.

එනමුදු මෙරට ජනතාවගේ වෙනස් වන ජීවන රටාව, ආර්ථික සංවර්ධනය සහ නාගරීකරණය වැනි හේතු නිසා මෙරට මෙරට ජනයා බෝනොවන රෝගවලින් පීඩා විඳීම ඉතා බරපතළ ලෙස ඉහළ යමින් පවතී. දියවැඩියාව, හෘදයාබාධ පිළිකා, මානසික රෝග සහ නිදන්ගත  රෝග මේ ආකාරයට වර්තමානයේ මෙරට ජනයා මුහුණ දෙන බරපතල සෞඛ්‍ය ගැටලු බවට පත්ව තිබේ. අධිපෝෂණය, තරබාරු බව, දුම්වැටි , මත්පැන් පානය, පරිසර දූෂණය සහ ව්‍යායාම හා නවීකරණය නොමැතිකම මෙම බෝ නොවන රෝග පැතිර යාමට බලපා ඇති සාධක වේ. 

මෙම බෝ නොවන රෝගවලින් මෙරට ජනයා රැක ගැනීමෙහිලා ප්‍රධානතම  භූමිකාවක් පැවරෙන්නෙ ප්‍රාථමික සෞඛ්‍ය සේවා අංශයටය. ජනතාවට වඩාත් සමීප ජනතාව අතර සිට නිවාස වලදී ,ප්‍රජා සායනවලදී සෞඛ්‍ය සේවා ලබාදීම, සහ සෞඛ්‍ය  සම්පන්න ජීවිතයකට මඟ පෙන්වීම ආදිය ප්‍රාථමික සෞඛ්‍ය ක්‍රියාකාරකම් මගින් සිදුවේ. ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම, බෝ වන රෝග වලින් ප්‍රජාව ආරක්ෂා කර ගැනීම, ගර්භණී මව්වරුන් සහ ළමයින් රැකබලා ගැනීම, මාතෘ සහ පාසල් වෛද්‍ය සායන, පරිසර සහ ජීවන වෘත්තිය තුළ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා අවස්ථාව ලබා දීම, මානසික සෞඛ්‍ය සංවර්ධනය සහ බෝ නොවන රෝග වැළඳීමෙන් ජනතාව වළක්වා ගැනීමට මගපෙන්වීම ,රෝගී කේන්ද්‍රීය සෞඛ්‍ය සේවා සැපයීම ආදිය ප්‍රාථමික සෞඛ්‍ය සේවාව කාර්යන් අතර වෙයි.

මෙරට තිබෙන ප්‍රාථමික මහජන සෞඛ්‍ය සේවා ලබාදෙන ආයතන වන්නේ, ‍ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඒකක, A,B,C වර්ග වලට අයත් ප්‍රාදේශීය රෝහල් හා ඒ්කක මගිනි. සෞඛ්‍ය අංශවල වාර්තා වලට අනුව පසුගිය දශක දෙක තුළ මෙරට බෝනොවන රෝගීන්ගේ ප්‍රමාණය විශාල වශයෙන් ඉහළ යෑම නිසා මහ රෝහල්වල රෝගී තදබදය ඉහළ ගොස්,  විශේෂඥ වෛද්‍යවරුන්ට විශේෂ සේවා අවශ්‍ය රෝගීන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම අභියෝගයක් බවට පත්ව තිබේ. ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන වලින් ප්‍රතිකාර  ගැනීමට අවස්ථාව තිබිය දී බොහෝ විට රෝගීන් එම රෝහල් පසුකර ඉතා ‍කුඩා  රෝගයකට වුවද ප්‍රතිකාර ගැනීමට මහ රෝහල් වෙත යොමු වන ආකාරය නිරීක්ෂණය කර ඇත. මෙම තත්ත්වය වෙනස් කර මෙරට ප්‍රාථමික සහ ද්විතියික සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම අවශ්‍ය වේ. මෙම අරමුණ පෙරදැරි කරගෙන ආසියානු සංවර්ධන බැංකුවේ  අරමුදල් සම්පාදනය මගින් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ. පොකුරු සෞඛ්‍ය සේවා එහි  ප්‍රධානතම සංඝටකය වේ.

 

පොකුරු සෞඛ්‍ය සේවා

පොකුරු සෞඛ්‍ය සේවා මගින් සිදු වන්නේ ප්‍රාථමික රෝහල් කිහිපයක් සහ ද්වීතීයික රෝහලක් කණ්ඩායමක් ලෙස එකට සම්බන්ධ වී තෝරාගත්  ප්‍රජාවකට සෞඛ්‍ය පහසුකම් ලබා දීමයි. ඒ අනුව මූලික රෝහලක් වටා ප්‍රාදේශීය රෝහල්, ප්‍රාථමික මහජන සෞඛ්‍ය මධ්‍යස්ථාන හා සහ අදාල සෞඛ්‍ය වෛද්‍ය  බල ප්‍රදේශ ජාල ගත කෙරේ. මෙම රෝහල් හා ප්‍රාථමික සෞඛ්‍ය ඒකක මගින් අදාල නිශ්චිත ග්‍රාම සේවා වසම්වල ජීවත්වන ජනතාව සේවා ලබා දෙන ඉලක්ක ජනතාව බවට පත් කර ගනු ලැබේ.

මෙම ගුණාත්මක සේවාවන් ලබා දිමට මූලික කරගත් පොකුරු රෝහල්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශ සංවර්ධනය කිරීම සිදුවේ. ඒ් අනුව එම රෝහල් වල රසායනාගාර පහසුකම්, ඖෂධ, උපකරණ ,මානව සම්පත් සහ සන්නිවේදන හා තොරතුරු තාක්ෂණික පහසුකම් ලබා දෙනු ලබනු අතර එම පහසුකම් පොකුරු ජාලය සමග හුවමාරු කර ගනු ලැබ්.එසේම මූලික රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවාවන් පොකුරු රෝහල්වලදී ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීමට නියමිතය.  

 

ජනතාවගේ  සෞඛ්‍යය තොරතුරු ඇතුළත් දත්ත ගබඩාවක්

ප්‍රාදේශීය හෝ ප්‍රාථමික මහජන සෞඛ්‍ය  මධ්‍යස්ථානවල කාර්යය භාරය වන්නේ තම  ඉලක්ක ප්‍රජාව රෝග වැළදීමෙන් වළක්වා ගැනීම ,රෝගී වන ජනතාවට තම වාසස්ථාන වලට ආසන්නම රෝහල්වලින් ක්ෂණික සේවාවන් ලබාගැනීම, රෝගී තත්වයෙන් පසුව සුව වී නිවසට පැමිණෙන අයවලුන් රෝගී තත්වයන් වලින් පූර්ණ සුවය ලබා ගැනීම, අවශ්‍ය කාලය තුලදී රෝගීන් රැකබලාගැනීම, නිදන්ගත රෝගී තත්වවල අවසන් අවස්ථාවේ පසුවන තවදුරටත් රෝහල් වල රැකබලා ගැනීම අවශ්‍ය නොවන පුද්ගලයන් නිවෙස්වලදී රැකබලාගැනීමට අවශ්‍ය පහසුකම් සපයා දීම යනාදිය වේ. මේ සදහා සේවා ලාභින්ගේ සෞඛ්‍ය දත්ත ඇතුලත් විද්‍යුත් දත්ත ගබඩාවක් පොකුරු රෝහල්වල ස්ථාපනය කරනු ලබන අතර අවශ්‍ය අවස්ථාවලදී එම තොරතුරු සේවා සපයන්නන් හට භාවිතා කිරීමට ඉඩකඩ සැලසේ. මෙහිදී එම තොරතුරුවල රහස්‍ය බාවය ඉතා ඉහළ මට්මකින් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සලසා ඇත.

මූලික රෝහලේ සහ පොකුරු රෝහල් කණ්ඩායමේ තිබෙන රසායනාගාර පහසුකම් සහ ඖෂධ වර්ග පිළිබඳ දත්ත තොරතුරු සන්නිවේදන තාක්ෂණය මගින් ඩිජිටල්කරණය කරනු ලබන අතර රෝහල් අතර රසායනාගාර සේවා සහ බෙහෙත් වර්ග හුවමාරු කර ගැනීමට එමඟින් අවස්ථාව ලැබේ.

මෙම පොකුරු රෝහල් වැඩසටහන නියමු ව්‍යාපෘතියක් වශයෙන් මධ්‍යම, උතුරුමැද, සබරගමුව සහ ඌව පළාත්වල ක්‍රියාවට නැංවේ. මෙම ව්‍යාපෘති යටතේ පොකුරු සෞඛ්‍ය සේවා ක්‍රියාකාරකම් ශක්තිමත් කිරීම සඳහා මානව ම්පත් සංවර්ධනයට ද ප්‍රමුඛත්වය දී තිබේ. ඒ අනුව සෞඛ්‍ය සේවකයින්ට පුළුල් පුහුණුවීම් අවස්ථා අවස්ථා හිමිකර දී ඇත.

Importance of Primary Health Care and health sector reforms

Sri Lanka has embarked on an ambitious and timely plan to promote primary health care as the first point of contact for all.

The US $ 60 million project which is financed by the Asian Development Bank (ADB) took off the ground in 2018, covering four provinces as a pilot project.  The ADB is providing $ 37.5 million as a concessionary loan, and $ 12.5 million as a grant, while the equivalent of $ 10 million will be met by the Sri Lanka government. Actual work began in January 2019 and the project is set to be completed by November 2023.  This is the first ADB financed health programme in Sri Lanka in twenty years.

Sri Lanka’s focus on promoting primary health care follows the WHO’s 1978 Alma-Ata Declaration which identified primary health care as the corner stone of ensuring Health for All.

The Declaration made at an International  Conference on Primary Health,  with  representatives of 150 governments  in attendance,  states ‘ ‘Primary health care is essential health care based on practical, scientifically sound and socially acceptable methods and technology made universally accessible to individuals and families in the community through their participation and at a cost that the community and country can afford to maintain at every stage of their development in the spirit of self-reliance and self-determination. It forms an integral part both of the country’s health system, of which it is the central function and main focus, and of the overall social and economic development of the community. It is the first level of contact of individuals, the family and community with the national health system bringing health care as close as possible to where people live and work, and constitutes the first element of a continuing health care process.’

The Sri Lanka project, titled the Health Systems Enhancement Project (HSEP) envisages the upgrading or where necessary, construction of buildings which would be fully equipped to handle health issues of the people, more or less on their doorstep.  The project is being implemented in the Central, North Central, Uva and Sabaragamuwa Provinces and a 127 field health units, have been chosen on the basis of one per Medical Officer of Health area. While it has been determined that the largest concentration of extreme poverty is found in the North Central, Uva and Sabaragamuwa provinces, within the Central Province too there are a considerable number living below the poverty line.  A total of 7 million people that is 33% of the entire population from the chosen provinces are set to benefit under HSEP.

By subscribing to such a programme, Sri Lanka is actively moving towards health sector reforms, a trend seen world-wide.

At the moment, the first phase of the plan has been completed at the Endana Divisional Hospital, in the Sabaragamuwa Province and a community engagement committee involving health care professionals ,community leaders and civilians appointed to introduce the new model to locals.

HSEP delivery is envisaged as an all-encompassing concept; that is, while the smaller local health units falling within the purview of a Medical Officer of Health will be upgraded to provide the best primary health care to residents, a campaign to effect attitudinal change amongst the people and health professionals is also planned.  

For the longest time, Sri Lankan’s have learned to by-pass the closest Health Centers preferring to travel many miles to obtain medical help from the national, general or teaching hospitals.  It is their belief that even the smallest of ailments, will be better addressed at these larger or better known and equipped hospitals.  But the end result is that Out Patient clinics are bursting at the seams and patients end up waiting long hours to see a doctor who has to rush through the cases.   It also means that a doctor’s ability to adequately addressing the health issues of a complicated ailment is limited owing to the sheer volume of patients with minor ailments seeking treatment.  Instead, if patients are encouraged to access their local units for minor and common ailments,  medical staff in the national hospitals will be free to concentrate on patients whose illnesses need more specialist care.

Under HSEP, the concentration will be partly preventative and partly curative in the case of, especially non-communicable illnesses that could be handled at local level.  While the Base Hospitals will be upgraded with latest lab testing facilities and those services will be accessible to smaller health centers and hospitals which will be clustered together and connected to the Base Hospital, patient records will also be digitally available to all the doctors working within that area. Where necessary, doctors will be able to book on-line referrals with specialist doctors attached to the Base Hospitals.  Better outreach facilities would also ensure that medical professionals would have the ability to work on the preventive aspects, where residents will receive guidance on life-style changes that could help thwart the development of an illnesses such as diabetes or hypertension for instance.  The programme envisages a closer relationship between residents and health care professionals ensuring all those in the target group are registered with the assistance of a Public Health Inspector or a Midwife at the closest hospital; a case in point is the current COVID-19 crisis.  A closer relationship between residents and health care professionals would have ensured that the latter would be aware of the medical and travel history of a given resident, and would have, a) enabled the health care professional to advise and monitor the vulnerable residents, b) ensure anyone who has been out of the country/province and had possible exposure to the virus be monitored and encouraged to be tested etc.

Another focus area of the project is to ensure better nutrition for the people, especially mothers and children. Again, the close contact established between locals and health care professionals will come into play in determining the nutritional care required.  In the preventative care component the services of civil society members will also be included to help raise awareness amongst the public.

Therefore output of HSEP will be fourfold:  Developing primary medical care services, improving preventative measures at primary care level, better communication in raising awareness on using locally available health facilities and improved and district specific continuing care practices, with even online skill development training for health care providers.   

Under this scheme, doctors will be exposed to skills in maintaining close relationships with families and individuals in the locality, effective use of doctor-patient relationship to maximise the use of all forms of therapy, utilising and deploying community and health care resources for the benefit of the patient and early identification and health related changes in patients under their care and make screening and testing as necessary, available at local level.  A natural fallout of that would be reduced pressure for specialist care and crowding at National hospitals.

Indeed, amongst the populace to benefit most from these reforms will be those who live in the most isolated and deprived communities.  

With the full and effective implementation of HSEP, primary care will become the cornerstone to the public having full access to quality and essential health services on an equitable and efficient basis.

සැමට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා ප්‍රාථමික සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරිම

  

වර්තමාන ලොව පුරා රටවල් තම සෞඛ්‍ය පද්ධති ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතු සඳහා විශේෂ අවධානයක් යොමු කරමින් තිබේ.මෙහිදී ප්‍රමුඛත්වය දී ඇත්තේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමටයි. මෙම ලිපිය මගින් උත්සහා කරනු ලබන්නේ මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවා සත්කාර සේවා පිළිබඳව විමසා බැලීමයි.

කොරොනා වෛරසය සමඟ අන් කවරදාටත් වඩා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් පිළිබඳව ඉතා බරපතල ලෙස සලකා බලන සමයක් වෙත අපි අවතීර්ණ වී සිටිමු. මීට දශක තුනකට පෙර මිනිසා මුහුණදුන් සෞඛ්‍ය ගැටලු වර්තමානයේ වෙනස් වී ඇත. ගෝලියකරණය, නාගරීකරණය, මැදි වයසේ ජීවත්වන ජනගහනය ඉහළයාම, ජනගහනය මහලුවීම, පාරිසරික වෙනස්වීම්, මිනිසාගේ ජීවන රටාව වෙනස් වීම, නව ආරක ආහාර පුරුදු, නව තාක්ෂණික දියුණු, සමාජ වටිනාකම් වල පහත යෑම සහ ආධ්‍යාත්මික ගුණ වගාවන්හි පරිහානිය ආදිය කෙරෙහි බලපා ඇත. ඒහි ප්‍රතිඵලයක් ලෙස අධිරුධිර පීඩනය, දියවැඩියාව, පිළිකා, හෘදයාබාධ වැනි කාලයක සිට මිනිසා මුහුණදුන් බෝ නොවන රෝග ඒක අතින් වැඩිවන අතර අනෙක් අතින් පුරාණයේ පැවති වසූරිය, මාහාමාරිය, පෝලියෝ වැනි බෝ වන රෝග වෙනුවට වර්තමානයේ සාර්ස්, කොරොනා, ඉබෝලා වැනි වෛරස් රෝග ආදේශ වෙමින් මානවයාගේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයට මෙන්ම මානව සංහතියේ පැවැත්මටද නව තර්ජනයන් මතු වී තිබේ.

විශ්ව මානව හිමිකම් ප්‍රකාශනයේ 25 වන වගන්තියෙන් ඉහළ ප්‍රමිතියෙන් යුතු සෞඛ්‍ය පහසුකම් ලබාගනිමින් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට මිනිසාට ඇති අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගෙන තිබේ. සමාජ සාධාරණත්වය තුළ සෞඛ්‍ය පහසුකම් භුක්ති විදීමට ඇති අයිතිය, රෝගී වී ප්‍රතිකාර ලබා ගැනීම වෙනුවට රෝගී නොවී සිටීම, අවදානම් සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දීමෙන් වැළකීම සහ අවධානම පාලනය කිරීම ආදියට රාජ්‍ය සෞඛ්‍ය ප්‍රතිපත්ති තුළ ප්‍රමුඛත්වය ලබා දීම ආදිය මෙමගින් සිදු කෙරේ.

මේ අනුව මෙම යුගයේ රජයේ වගකීම වන්නේ ගුණාත්මක බවින් ඉහළ සෞඛ්‍ය සේවා ලබාදීම සහ ඊට අදාළ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමයි. මේ සඳහා රටේ සෞඛ්‍ය පද්ධතියේ පුළුල් ප්‍රතිසංස්කරණ සිදුකිරීම අවශ්‍ය වේ. විවිධ අධ්‍යයනයන් මගින් මෙන්ම ලොක්යේ ඉහළ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන පුරවැසියන් සිටින රටවල අත්දැකීම් වලින් පෙන්වා දී ඇත්තේ වඩාත් සමානාත්මතාවයෙන්, කාර්යක්ෂමව හා ඵලදායි සෞඛ්‍ය සේවාව රටක ජනතාවට භුක්ති විදීමට අවස්ථාව සලසා දිය හැක්කේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සත්කාරක ශක්තිමත් කිරීමෙන් බවය.

වසර 1978 දී කසකස්ථානයේ අල්මා ආටා හිදී ලොක්ය පුරා විසිරී සිටින සෞඛ්‍ය ප්‍රධානීන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් තිබු සමුළුවේදි ඒළි දැක්වුනු අල්මාටා ප්‍රකාශනය ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැදගත් සන්ධිස්ථානයක් වශයෙන් සැලකේ. අල්මාටා ප්‍රකාශනය මගින් ප්‍රජා කේන්ද්‍රය, මහජන සහභාගිත්වය සහත ගුණාත්මක බවින් ඉහළ සෞඛ්‍ය සේවාවක් සඳහා ප්‍රාථමික සෞඛ්‍ය සත්කාරක සේවා ශක්තිමත් කිරීම සඳහා සෞඛ්‍ය කේෂ්ත්‍රවල ප්‍රතිසංස්කරණ සිදුකළ යුතු බවට නිර්දේශ කරනු ලැබීය.

වසර 1978 ඔක්තෝම්බර් මාසයේ පැවති අල්මා ආටා සමුළුවේ 40 වන සංවත්සරයේදී මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහශ්‍ර සෞඛ්‍ය උපායමාර්ග මගින්ද සියල්ලට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා ප්‍රාථමික සෞඛ්‍ය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය යලිත් අවධාරණය කර ඇත.

පුද්ගලයෙකු රෝගී වීමෙන් පසුව ප්‍රතිකාර ගැනීමට යොමුවීමෙන් පෞද්ගලිකව ඒම පුද්ගලයාට සිදුවන අපහසුතා වලට අවැසි පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන්ට සහ ඇතැම් විට නෑදෑ හිතමිතුරන්ට , ජීවත්වන සමාජයටද අසතුටුදායක වටපිටාවක් නිර්මාණය වීමයි. එය ඔහුගේ පවුලට මෙන්ම ඔහු සේවය කරන ආයතනයේ කාර්යක්ෂමතාවයටද, රටේ ආර්ථිකයටද අහිතකර ලෙස බලපායි. ප්‍රාථමික සෞඛ්‍ය සත්කාරක සේවා මගින් සිදුවන්නේ පුද්ගලයාගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව ඔහු ජීවත්වන වටපිටාව තුළ සිටම යාවජීව ලෙස නිරීක්ෂණය කිරීම, දෛනික කටයුතුවල‌ට බාධා නොවන පිරිදි වෛද්‍ය පරීක්ෂණ වලට නිරන්තරව යොමුවීමට ඉඩ සලසා දීම, ඔහු රැකබලාගැනීම සහ රෝගීවීම වළක්වා ගැනීමයි. එමගින් පුද්ගලයෙකු මහා රෝහල් වෙත යොමුවීම, රෝහල් ගතවීම, බරපතළ රෝගවලට ගොදුරු වීම වළක්වා ගත හැකිවාක් මෙන්ම, රෝගයක් බරපතළ තත්වටය පත්වීමට පෙර හඳුනාගැනීමටද අව්සථාව ලැබේ.

එහි ප්‍රතිඵලයක් වශයෙන් පුද්ගලයන් විශාල වශයෙන් ප්‍රධාන රෝහල් වෙත යොමුවීම වැලකෙන අතර රෝග බරපතළ තත්වයට පත්වීමට පෙර හඳුනාගැනීමටද ඉඩ සැලසේ. තවද ඒමගින් ප්‍රධාන රෝහල්වල තදබදය අඩුවන අතර රෝගීන් විසින්, මුදල් වැයකරමින් නිකරුණේ කාලය ගතකිරීම වලක්වා ගත හැකිය.ප්‍රධාන රෝහල්වල ඒ්කරාශි වන රෝගීන් ප්‍රමාණය අඩුවීම තුළින් විශේෂ අවධානය යොමුවිය යුතු විශේෂඥ වෛද්‍ය සේවය අවශ්‍ය රෝගීන් පිළිබදව වැඩි අවධානයක් යොමු කිරීමට කාර්ය මණ්ඩලයට අවස්ථාව ලැබේ.

පුද්ගලයෙකු තම සෞඛ්‍ය තත්වය ගැන උනන්දු කිරීමටත්, ඒ් පිළිබඳව ඔහු නිරන්තරයෙන් අවධියෙන් තබා ගැනීමටත් තමා මුහුණ දී සිටින සෞඛ්‍ය ගැටලු කල්තියා හඳුනාගැනීමටත්,බරපතළ රෝගවලට ප්‍රතිකාර ගැනීමෙන් සිදුවන හානි වළක්වා ගැනීමත් ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර සේවා මගින් සිදුවේ.

සැබැවින්ම ප්‍රාථමික සෞඛ්‍ය සත්කාරක සේවා යනු පුද්ගලයෙකු සෞඛ්‍ය සේවා ලබාගැනීමට යොමුවන පළමු ස්ථානයයි. මෙරට තිබෙන ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන වශයෙන් ග්‍රාමීය මටට්මේ මහජන සෞඛ්‍ය සායන, මාතෘ සායන, පාසල් සායන, ප්‍රාදේශීය රෝහල පද්ධතිය හඳුනාගත හැකිය.ජනතාව මෙම සෞඛ්‍ය මධ්‍යස්ථානවල නිරන්තර ඇසුර ලබන්නේ නම් බෝ නොවන රෝග වලින් වැළකී සිටීමටත්, බෝ නොවන රෝග බරපතල වීම වළක්වා ගැනීමටත්,වයස්ගත වීමට පෙර බෝ නොවන රෝග බරපතල වීම වළක්වා ගැනීමටත්, අඩු වයසෙන් බෝ නොවන රෝගවලින් මියයන ප්‍රමාණය අඩු කිරීමටත් ඉඩ සැලසේ.

ආර්ථික සහ භූගෝලීය හේතුන් නිසා ‌මෙන්ම නොදැනුවත් බව සහ නොසැලකිල්ල නිසා සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමට අවස්ථාව හිමි නොවන ජනතාවට සෞඛ්‍ය පහසුකම් භුක්ති විදීමේ අවස්ථාව ප්‍රාථමික සෞඛ්‍ය මගින් උදා කර දෙයි.

බ්‍රිතාන්‍ය, නෙදර්ලන්තය, කැනඩාව, ඇමරිකාව යන රටවල ප්‍රාථමික සෞඛ්‍ය සත්කාරක සේවාවලට ඉතා ඉහළ ප්‍රමුඛත්වය දී තිබේ.සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගොඩනැගීම සදහා මෙරට සෞඛ්‍ය සේවා ප්‍රතිසංවිධානය කිරීමට, ශ්‍රී ලංකා රජය විසින් මීට වසර කිහිපයකට පෙර ප්‍රතිපත්තිමය තීරණයක් ගනු ලැබීය.එහි එක් පියවරක් වශයෙන් සෞඛ්‍ය පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය 2019 වසරේදී ආරහම්භ විය. ඒ් සඳහා ආසියානු සංවර්ධන බැංකුව සහ ශ්‍රී ලංකා රජය දායකත්වය සපයයි.මෙමගින් ප්‍රාථමික සෞඛ්‍ය පද්ධතිය ප්‍රතිසංවිධානය කිරීම අත්හදා බැලීමක් සිදුකරනු ඇත.

සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සදහා ආසියානු සංවර්ධන බැංකුව ඇමරිකානු ‌ඩොලර් මිලියන 37.5 ක ණයක් සහ ඩොලර් මිලියන 12.5 ක ආධාර මුදලක් මෙරටට ලබා දී තිබේ. මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන්නේ මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් වල කාර්යක්ෂමතාවය සහ ගුණාත්මක බව ඉහළ නැංවීම යන යෝජනා අත්හදා බැලීමයි.සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මධ්‍යම,උතුරුමැද,සබරගමුව,ඌව යන පළාත්වල 2023 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය.එමගින් ශ්‍රී ලංකා ජනගහනයෙන් 33% ක් ප්‍රතිලාභ ලබනු ඇත.

මෙම ව්‍යාපෘතිය යටතේ දිවයිනේ තිබෙන ග්‍රාමීය රෝහල්, ප්‍රාදේශීය රෝහල්, දිසා රෝහල් 140 කට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිසංසක්රණය කර ඒවායේ රෝග පරීක්ෂණ,රසායානාගාර සහ රෝගී සත්කාරක පහසුකම් වැඩිදියුණු කෙරේ. තොරතුරු සන්නිවේදන තාක්ෂණය යොදා ගනිමින් අදාල සෞඛ්‍ය මධ්‍යස්ථාන ඉලක්ක කරගනු ලබන ප්‍රජාවගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ දත්ත ගබඩා කිරීම,ඒ්වා නිරතුරුව යාවත්කාලීන කිරීම,විශේෂඥ උපදෙස් ලබා ගැනීමට ජාලගත වීම සදහා දත්ත හුවමාරුව සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කටයුතු ආදිය සඳහා පහසුකම් සලසයි

මෙමගින් රෝගියාට ඔහු ජීවත්වන පරිසරයේ සිටම ඇතැම් විට රාජකාරි කරන පරිසරයේ සිටම ඔහුගේ අවශ්‍යතාවය අනුව ක්ෂණික වෛද්‍ය උපදෙස්  ලබාගැනීමටත්,රසායනාගාර පරීක්ෂණ සඳහා යොමුවීමටත් අවස්ථාව සැලසේ.මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සත්කාරක සේවා ශක්තිමත් කරීමට නම් ඒම සේවාවලට සම්බන්ධ වෛද්‍ය,හෙද මහජන සෞඛ්‍ය නිලධාරින්ගේ දැනුම,කුසලතා සහ අත්දැකීම් පුළුල් කිරීමත් පහසුකම් වැඩි කිරීම අවශ්‍ය වේ.මෙම කාර්යයන් සඳහා අවශ්‍ය ප්‍රමාණයේ මානව සම්පත් ආයතන වලට ලබාදීම සිදුකළ යුතුය.

සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහි කිරිමට අවශ්‍ය ප්‍රජා දායකත්වය ලබා ගැනීමට මහජනතාව සැලකිල්ලක් නොමැති නම් සෞඛ්‍ය සම්පන්න ජාතියක් පිළිබඳව අපේක්ෂාව යථාර්තයක් බවට පත් නොවේ.මහජනතාව තම සෞඛ්‍ය තත්වය පිළිබඳ නිරන්තර උනන්දු කිරීමට සහ ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන වෙත නිරන්තරව යොමු කිරිමට පෙළඹවීමේ වැඩසටහනක් සහ මව්වරුන්ගේ සහ ළමුන්ගේ පෝෂණ තත්වය පිළිබඳව ජනතාව බලාත්මක කිරීමටත් විශේෂ ප්‍රචාරණ වැඩසටහනක්ද සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ සිදු කිරීමට නියමිතය.

X

Main Menu